Site icon Newshub

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණයෙන් ඩොලර් මිලියන 50 ක් ආපසු ගෙවයි

ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයක පොරබදමින් සිටියදී, වසර දෙකකට පෙර මුදල් හුවමාරු යාන්ත්‍රණයක් යටතේ බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 ක ණය මුදලින් ඩොලර් මිලියන 50 ක් ගෙවා තිබෙනවා.

ශ්‍රී ලංකා බලධාරීන් විසින් පළමු වාරිකය තැන්පත් කිරීම තහවුරු කරමින් බංග්ලාදේශ බැංකුවේ (BB) ප්‍රකාශක Md Mezbaul Haque පැවසුවේ වාරිකය පසුගිය අගෝස්තු 17 වන දින ලැබුණු බවයි.

එම මුදල ලැබීමත් සමඟ රටේ විදේශ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බවද ඔහු දන්වා සිටියේය.

අගෝස්තු මාසය ඇතුළත දෙවන වාරිකය බලාපොරොත්තු වන බව මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන හක් වැඩිදුරටත් පැවසීය.

2021 සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශය සිය විදේශ සංචිතයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, දැඩි ආර්ථික කම්පනයකට ලක්ව සිටි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම්තාක් දුරට නැංවීමට එය උපකාරී විය.

එලෙස වසරක කාලයක් සඳහා ලබාදුන් ණය වාරිකය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ අතර එය ගෙවීම මේ වසරේ මාර්තු දක්වා මාස තුනකදී දෙවතාවක් දීර්ඝ කිරීමට සිදු විය.

අවසානයේ දී බංග්ලාදේශය ණය ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා තවත් මාස හයක කාලයක් ලබා දෙන ලදී

මේ වනවිට මුදල් අමාත්‍යවරයා ලෙස ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහබැංකුව ගෙනයනු ලබන වැඩ පිළිවෙල යටතේ බංකොළොත් රටක් ලෙස ප්‍රකාශ කර තිබූ ශ්‍රී ලංකාව නැවත වතාවක් ආර්ථිකයේ පිබිදීමක් ඇති කරගනිමින් ඉදිරි දැක්මක් සහිතව ඉදිරියට යනු ලබන අතර එමඟින් තව දුරටත් රටේ ආර්ථිකයට විදෙස් රටවල සහය ලැබෙනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් මත පලකර තිබෙනවා.

Exit mobile version