Site icon Newshub

ලංකාව පැය 24 පුරම විවෘත කරන්න ඔනේ රටක්

ලංකාවේ සංචාරක කර්මාතය දියුණු කිරීමටනම් රට පැය 24 පුරාම විවෘත කර තැබිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. රටට මිලියක 02 වැඩි සංචාරක ප්‍රමාණයක් ගෙන්වාගැනීම අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් මෙතෙක් නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවද ඇය කීවාය.

සංචාරය සම්බන්යෙන් ලෝකය තුළ රට ප්‍රවර්ධනය වී නොමැති බව පැවසු අය රාත්‍රී කාලය තුළද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විවෘත කළ යුතුව ඇති බවද ඇය පැවසුවාය. “ඔනෑම රටක් දියුණුවෙලා තියෙන්‌නේ රාත්‍රී ආර්ථිකයක් තියෙන රටක් .   රාත්‍රී ආර්ථිකය තුළින් 70% ක ආදායමක් රටවල් ලබාගන්නවා. යුරෝපය සිංගප්පුරුව මැලේෂියාව වගේම මාලදිවයිනත් එහෙමයි තිබෙන්නේ. ඒවගේම ලංකාව 24 පැයම විවෘත කරලා තිබන්න අවශ්‍යයි. ගිය වසර සමඟ බලද්දි සංචාරකයින්ගේ පැමිණීම විශාල වෙනසක් වෙලා තිබෙනවා. මේඅවුරුද්දේ මේවනවිට ලක්ෂ 08 වැඩිය රටට ඇවිත් තිබෙනවා.  අපේ රට සංචාරකයින්ට තවම විවෘත වෙලා නැහැ. මෙහෙම තත්වයක් තියද්දි රටට සංචාරකයින් එන එකත් පුදුමයි.” යැයි පැවසුවාය.

 

Exit mobile version