Site icon Newshub

ජවිපේ යුරෝපා ආයෝජනය ගැන කියන්න ගිය දුමින්ද ට බාධා

ජනතා විමුක්ති පෙරමුණ යුරෝපයේ මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සියලු තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සුදානම්බව දුමින්ද නාගමුව මහතා පැවසීය. ඒසඳහා ඔනෑම අවස්ථාවක තමා කැදවන ලෙසද හෙතෙම ඊයේ(05දා) පැවති රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසුයේ මෙම මුදල් ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ වේලාව ද ගෙන සියල්ල හෙළිකරන ලෙසයි. එඅනුව දුමින්ද නාගමුව කතාකිරීම ආරම්භකළේය. ඒසේ උවද නලින්ද ජයතිස්ස මහතා සහ වැඩසටහනේ නිවේදකයින් සියල්ල දුමින්ද නාගමුවගේ ප්‍රකාශයට බාධා කළ අතර “දැන් සංවාදය වෙනත් අතකට යනවා ඒ නිසා අපි මේක නවත්වමු” යනුවෙන් සඳහන් කරමින් දුමින්ද නාගමුවටගේ ප්‍රකාශයට අවස්ථාව දීමෙ වැළැක්වු බවක් දිස්විය.

සිරස නාලිකාවේ ක්‍රියාත්මක වු සටහන වැඩසටහන තුළ මෙම සිදුවීම් සිදුවු අතර ඒ සම්බන්ධ සබැදිය ‌මෙතැනින්

 

Exit mobile version