Site icon Newshub

නීති විරෝධීව රටින් පැන්න වෛද්‍යවරු

විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අනුව අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ පියවර කිහිපයක් ගන්නා බවය.

විශේෂඥ වෛද්‍යවරයෙකුවීම සඳහා වෛද්‍යවරයෙකුට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හිමිවන අතර විදේශීයව විශේෂඥ පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් අවම වශයෙන් වසර 8ක කාලයක් මෙරට තුළ සේවය කළ යුතු වේ.

මෙම විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණුකිරීමට රජයට රුපියල් මිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැය වේ.

කෙසේ වෙතත් පසු ගිය වසර එක හමාරක කාලය තුළ එලෙස පැමිණි වෛද්‍යවරුන් 363 දෙනකුගෙන් 120 දෙනකු පමණ නොදන්වා නීතිවිරෝධී ලෙස යළි විදෙස්ගතව ඇතැයි මේ වන විට හෙළි වී තිබේ.

Exit mobile version