Site icon Newshub

කිසිසේත්ම විදුලිබිල වැඩි කරන්නේ නැහැ – විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර

කිසිසේත්ම විදුලිබිල වැඩි නොකරන බවත් රජය විදුලිබිල සංශෝධනය කරන්නේ ජනවාරි සහ ජුලි මාසයේදී පමණක් බවක් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා. ටිව්ටර් සමාජ මාධ්‍යයට සටහනක් තබමින් අමාත්‍යවරයා මේබව සඳහන් කර ඇත.

විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයීමයක් සඳහා විදුලිබල මණ්ඩලය සැලසුම්කර තිබෙන බවත් ඒ සඳහා දැනට බලාගාරවල සම්පුර්ණ ධාර්තාව භාවිතයට ගන්නා බවද එම පණිවුඩයේ සඳහන් කර තිබේ.

නියමිත විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා මුදා හැරිය හැකි උපරිම ජලය සම්බන්ධයෙන්  විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ   ජනාධිපති කාර්යාලයේ දී පැවැති රැස්වීමකදී සාකච්ඡා කර ඇති අතර එය  අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා නිකුත් කළ ටිවිටර් පණිඩුඩයේ වැඩිදුරයත් සඳහන් වේ.

Exit mobile version