Site icon Newshub

ප්ලාස්ටික් ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට යයි

ප්ලාස්ටික් මල්මාලා, ඒක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි අයිතම කිහිපයත් ඉදිරි සති දෙක තුළ දී තහනම් කිරීමට අමාත්‍යාංශය  පියවර ගෙන තිබෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා  පැවසීය.

එසේම රටේ වායු ආපදා තත්ත්වය වාර්තා කිරීම සඳහා හදිසි ප්‍රතිචාරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් මධ්‍යම පරිසර අධිකාරිය අදාළ පාර්ශ්වකාර ආයතනවල දායකත්වයෙන් දැනටමත් සකස් කර තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.  මේ අතර විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ද පරිසර අමාත්‍යාංශය විසින් හඳුන්වා දීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුයේ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 

Exit mobile version