Site icon Newshub

මාලිමා ආණ්ඩුවක් යටතේ 1 වසරේ සිට අධ්‍යාපනය ඉංග්‍රීසියෙන්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළමු වසරේ සිට අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් ලබාදෙන බවත් සිංහල අතිරේක භාෂාවක් පමණක් වන බවත් එම පක්ෂයේ සාමාජික මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය ජන හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජනබලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව දරුවා ගම ආසන්නයේ පාසලකට යැවිය යුතු බවත්  එය සියලු පහසුකම් සහිත පාසලක් නිර්මාණය කරන බවද ඇය පවසා තිබේ. සෑම මාර්ගයකම දරුවන්ට ආරක්ෂිතව යාමට මාර්ගයක් සකස් කරන බවද පාසලට යන දරුවට පොත්පත් උපකරණ වගේම හොද පෝෂණයක් ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර ඇති අතර  ගුරුවරුන්ට හොද පුහුණුවක් සහ ඉහළ වැටුපත් ලබාදෙන බවද ප්‍රකාශ කර තිබේ.

“ලංකාවේ ඉහළම වැටුප් තලයට ගුරුවරුන්ගේ වැටුප ගෙන එනවා. මිනිසුන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ලෝකයේ ප්‍රධානම අවිය තමයි ඉංග්‍රිසි. මේ නිසා අපි යෝජනා කළා දරුවන්ට එක වසරේ සිටම ඉංග්‍රිසියෙන් උගන්වන්න . සිංහල සහ දමිල භාෂාවන් දරුවන්ට ප්‍රගුණකළ යුතු අතිරේක භාෂාවන් ලෙස විදිමත්ම ඉගෙනුම්කරනවා පරිසරයක් ගොඩනග්නන ඔනේ. යැයි ද ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Exit mobile version