Site icon Newshub

ධම්මරතන හිමි පාත්‍රයට එකතු කල රුපියල් ලක්ෂ 100 කෝ.?

පසුගිය පොසොන් පොහොය සමයේදී මිහින්තලය රජමහා විහාරය විසින් භාවිතා කරන ලද විදුලි ඒකක 12,900 සඳහා අයවිය යුතු රුපියල් මිලියන 4.1 ක ගාස්තුව නොගෙවීම නිසා පසුගියදා එම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි. ඒ හේතුවෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය පක්ෂයේ අරමුදල් යොදවා එම හිඟ මුදල ගෙවා දැමීමට කටයුතු කළ බව සමගි ජනබලවේගය නිවේදනය කළේය.  ඒඅනුව අද දිනයේදී විහාරස්ථානයේ විදුලිය යළිත් ලබාදී තිබුණි.

පසුගිය පොසොන් සමයේදී රජය විසින් ප්‍රමාණවත් ලෙස මුදල් ලබා නොදෙන බව පවසමින් විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි විසින් පින්ඩපාත චාරිකවන්හි යෙදෙමින් බැතිමතුන්ගෙන් ආධාර එකතු කල අතර මිහින්තලේ රජමහා විහාරයේ ආලෝක පූජාව සඳහා එම මුදල් වැය කරන බව උන්වහන්සේ ඒ සමයේදී ප්‍රකාශ කළහ.

පොසොන් පොහෝ දිනයේදී බැතිමතුන් අමතමින් උන්වහන්සේ එසේ පිඩුසිඟා වැඩීමෙන් රුපියල් මිලියන දහයක් (ලක්ෂ 100ක්) උපයා ගැනීමට තමන් සමත් වූ බව සංවේදීව ප්‍රකාශ කළහ.  නමුත් එසේ එකතු කරගන්නා ලද මුදල් වලින් විදුලිබිල ගෙවීම සිදුකර නැති බව විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීමෙන් පෙනී යනවා. එසේනම් ජනතාවගෙන් එකතු කල රුපියල් ලක්ෂ 100ට සිදුවූයේ කුමක්ද.?

මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ පැවසු දේ?

 

අද දිනයේදී උන්වහස්සේ විදුලිබිල සම්බන්ධයෙන් පැවසු දේ?

Exit mobile version