Site icon Newshub

රට ගොඩනැගීමට ඡන්දයක් අවශ්‍යමයි

මේ මොහොතේ ජාතික මැතිවරණයක් පවත්වා නව පාලනයක් ඇති කර රට ගොඩනැඟිය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිත කේ.ඩී. ලාල්කාන්න මහතා පැවසයි. දිනමිණ පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කර තිබේ

“මේ වන විට රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපේ රටේ දේශපාලනය මුළුමනින්ම පිරිහිලා කඩාවැටී පවතිනවා. ඒ නිසා මේ රටේ දේශපාලනය වෙනස් වෙන්න ඕනෑ. දැන් ජනතාවට ජාතික මැතිවරණයක් අවශ්‍යයි. ප්‍රාදේශීය සභා මැතිවරණයද පවත්වන්න ඕනෑ. අපේ රටේ මැතිවරණ සියල්ල අවශ්‍ය නම් එකටම තියන්නත් පුළුවන්. මැතිවරණ තබන්නේ නැතිව පාලකයො දැන් බලහත්කාරයෙන් බලයේ රැඳී ඉන්න උත්සාහ කරනවා. ජනතාවගේ ජීවන තත්ත්වය දැන් අමාරුයි. ඒ නිසා නව පාලනයක් ඇති කරගන්නම අවශ්‍යයි.‍” යැයි හෙතෙම පවසා තිබේ

 

Exit mobile version