Site icon Newshub

ප්‍රංශ ජනාධිපති අද රාත්‍රියේ දිවයිනට

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු රාත්‍රියේ මෙරටට පැමිණෙන අතර සෙනසුරාදා උදෑසන තෙක් රැඳී සිටිනු ඇති බවයි වාර්තා වෙන්නේ

එම කාලය තුළ දී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

එහිදී ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරටේ කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් හිමිවනු ඇති බව ද ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මේවනවිට පැසිෆික් කලාපයේ සංචාරයක නිරත වෙමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අතරතුර ඔහු හදිසි සංචාරයක් සඳහා මෙරටට පැමිණෙනු ඇති.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව ද එය බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Exit mobile version