Site icon Newshub

ඉතිහාසයේ නව සටහනක් තබමින් ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් හෙට දිවයිනට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉතිහාසයේ ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙයයි.

මෙම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඉහළ නියෝජිතයන් සමඟ සාකච්ඡ කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳ ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

Exit mobile version