Site icon Newshub

ජාතික ජනබලවේගය ක්‍රිකට් ජනසතු කිරීමට සැරසේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වයට හේතුව එය පෞද්ගලීකරණය කර තිබීම බව ජාතික ජනබලවේගයේ කොට්ටේ නගරසභා අපේක්ෂක චතුරංග අබේසිංහ මහතා පවසා තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ මෙවැනි අර්බුද මැඩලීමටනම් එය රජයට ගෙන ජනසතු ව්‍යාපාරයක් බවට පත්කළ යුතු බවත් එසේ නොකර ජාතික අරමුණු සහ සදාචාරය බලාපොරොත්තු විය නොහැකි බවත් ෆේස්බුක් සටහනක් තබමින් හෙතෙම සඳහන් කර ඇත.

ආර්ථික අර්බුද හේතුවෙන් රජය සතු ව්‍යාපාර මේවනවිට රජයෙන් ඉවත්කරමින් තිබෙන අතර ක්‍රිකට් ආයතනය වැනි ආයතන රජය සතු කරමින් පාලනය කිරීම වර්තමානයේදී කොතරම් දුරට සාර්ථක වන්නක්දැයි සොයාබැලිය යුතු කාරණයකි.

චතුරංගගේ ෆේස්බුක් සටහන

Exit mobile version