Site icon Newshub

සෞඛ්‍ය ඇමතිට චෝදනා කරන්න එපා! – නාමල් රාජපක්ෂ

අමාත්‍යවරුන්ට චෝදනා කිරීම මිස කිසිවකුවත් මතුව තිබෙන ගැටළුවට විසඳුම් සෙවීමක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි බාර දී ඇති විශ්වාස භංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින්

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මේවනවිට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළැඹීමට නියමිත බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම පැලැස්තර ඇලවීමෙන් මේ රටේ ජනතාවට සාධාරණයක් නොවන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට මීට වඩා පුළුල්ව අවධානයක් යොමු කළයුතු බවත් තමන් විශ්වාස කරන බව මන්ත්‍රීවරයා කියා සිටියා.

Exit mobile version