Site icon Newshub

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා දමයි

මින් ඉදිරියට හිටුපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස ජල-විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සඳහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ.

නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මින් ඉදිරියට අදාළ බිල්පත් සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බවට තීරණය කර ඇති බව දැනුම්දී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ,  හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන . ගෝඨාභය රාජපක්ෂ යන සියල්ලන්ටම මින් ඉදිරියට හිමිවනනේ රජයෙන් ලබාදී ඇති නිල නිවාස හා වාහන නඩත්තුව හා ඉන්ධන දීමනාව පමණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ වරප්‍රසාද සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ලබාදී තිබු නඩු තීන්දුවකට අනුව මෙලෙස කටයුතු කරන බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Exit mobile version