Site icon Newshub

හරිනිට රාජයෝගයක්

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට රාජයෝගයක් ඇති බව සමබිම පක්ෂයේ සාමාජික දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක මහතා පවසනවා.

Carbon TV යූ ටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ජාතික ජනබලවේගය සමඟ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය දේශපාලනය අරඹන විට ඇය සමඟ සිටි බොහොමයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ වනවිට ඇය සමඟ නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය වරයකුගෙන් විමසූ අවස්ථාවේ තමන්ට ඒ පිළිබඳව දැනගන්නට ලැබුන බවත් රාජයෝගය ඇත්තේ ආචාර්යහරිනි අමරසූරිය මහත්මියට බැවින් ඔවුන් ඒ පිළිබඳව සැලකිලිමත් නොවන බවත් ආචාර්යවරයා ඔහු සමඟ කියා සිටි බව විපුල මහතා මෙහිදී සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ ආචාර්ය වරයාගේ නම හෙළිකිරීමට නොහැකි බවත් එසේ වුවහොත් ආචාර්ය හරිනි අමරසූරිය කේන්දරය බැලීමට ගිය බව පිටස්තර පුද්ගලයින්ට පැවසුවේ මන්දැයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියා.

එමෙන්ම මේ වනවිට රජයෝගයට සුදුසු පරිදි ආචාර්ය හරිනි අමරසූරිය පෙනුම සැකසී ඇති බවත් එළැඹෙන ජනාධිපතිවරණයකදී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ඒ සඳහා ඉදිරිපත්වන පොදු අපේක්ෂකයා අනුර කුමාර දිසානායක නොව ආචාර්ය හරිනි අමරසූරිය වියහැකි බවට තමන් විශ්වාස කරන බවත් එම වැඩසටහනට එක්වෙමින් සමබිම පක්ෂයේ සාමාජික දීප්ති කුමාර ගුණරත්න මහතා කියා සිටියා.

Exit mobile version