Site icon Newshub

ජනපති රට යයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා සොයා බැලීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබේ.

ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වේ.

රටින් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීමට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කර ඇති අතර ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ඇත

Exit mobile version