Site icon Newshub

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඒකමතිකව සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වීය. මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණු අතර දෙවැනිවර කියවීමේ විවිදාය එදින පැවැත්වුණි. පනත් කෙටුම්පත පිළිබඳ  කාරක සභා අවස්ථාව අද පැවැත්වුණ අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද පනත් කෙටුම්පත සඳහා සංශෝධන රැසක් ඉදිරිපත් කෙරිණි. අවසානයේ පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත කරන ලදී.

 

 

Exit mobile version