Site icon Newshub

ද්‍රවිඩ පක්ෂ වෙත ජනපති කළ දැනුම්දීම

උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන කමිටු අවස්ථාවේදී සැලකිල්ලට ගන්නා බවය.

ඊට සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතය.

එසේම එහිදී ජනාධිපතිවරයා ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද සලකා බැලීමට නියමිත බවත් සුදුසු ක්‍රියාමාර්ගවලින් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කරනු ඇති බවටත් ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දී තිබෙනවා.

Exit mobile version