Site icon Newshub

2023 අවසානයේ ආර්ථිකය ධනාත්මක අගයකට

ශ්‍රී ලංකා ආර්ථිකය 2023 අවසානය වනවිට ධනාත්මක වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 2022 වසරේදී සඳහන් වූයේ ඝෘණ 7.8ක් ලෙසටය.

මුදල් ප්‍රතිපත්තිය සාමාන්‍යකරණය, දේශීය සැපයුම් ජාලය යථා තත්ත්වයට පත්වීම, ආනයන සීමා ලිහිල් කිරීම සහ ව්‍යාපාරික විශ්වාසය ඉහළ යෑම ඊට සාධනීය හේතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිල එකඟතාවන්ට පැමිණිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවල පිළිගත් ක්‍රමවේදය බවයි.

එම එකඟතාවන්ට පැමිණීමෙන් පසු අදාළ ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ නිල ස්ථාවරය හෙළි කරනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 

Exit mobile version