Site icon Newshub

මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.
අදාළ ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ සිටී.

මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත් කර තිබෙන අතර, එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

මෙම කොමිෂන් සඳහා සාමාජිකයින්ගේ නම් පසුගිය සතියේදී ව්‍යවස්ථා සභාව වෙත යොමුකෙරුණු අතර එහි අනුමැතිය යටතේ මෙම පත්කිරීම් සිදුකර තිබේ.

Exit mobile version