Site icon Newshub

 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව මහ ලේකම් මන්ත්‍රීවරුන්ට දැනුම්දෙයි

ජූලි මස 01 වැනිදා පෙ.ව. 9.30 පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සියලු  මන්ත්‍රීවරුන් වෙත ඊයේ (27) ලිපියකින් දැනුවත් කොට තිබේ.

  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත.  අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) නිකුත්කොට තිබුණි.

Exit mobile version