Site icon Newshub

වරාය නගරයට චීනයෙන් තවත් ආයෝජනයක්

කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති Bai Yinzhan සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී ඒ බව පවසා තිබේ. එම හමුව චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ බව සබ්රි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

මේ අතර අලි සබ්රි අමාත්‍යවරයා චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා සමගද සාකච්ඡා පවත්වා තිබුණි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් එහිදී අදහස් හුවමාරු කරගත් බව අමාත්‍යවරයා පවසයි

 

Exit mobile version