Site icon Newshub

ඇඹුල් කෙසෙල් ඩුබායි යවා සතියට ඩොලර් ලක්ෂයක්

උතුරු පළාතේ වවන ලද ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන් සමත් වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා පවසයි.

මෙය ඉදිරි වසර තුන තුළ තවදුරටත් පුළුල් කරමින් එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇතැයි ද පවසන ඒ මහතා ඊට සමගාමීව උතුරු පළාතේ ඉඩම් අක්කර 8000ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා දී, නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාල්ස් මහත්මිය උපදෙස් දී ඇති බවද සඳහන් කරයි.

මේ කරුණු අනාවරණය වූයේ පසුගියදා කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරින් සමඟ යාපනයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.

 

උපුටාගැනීම – දිනමිණ

Exit mobile version