Site icon Newshub

ඉන්දියාවේ ‘INS Vagir’ දිවයිනට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (19) උදෑසන කොළඹ වරායට සේන්දු තිබෙනවා.

මීටර් 67.5 ක් දිගකින් යුක්ත සබ්මැරිනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් බව නාවික හමුදාව පවසනවා.

සබ්මැරීනයේ අණදෙන නිලධාරී ලෙස කර්මාන්ඩර් දිවාකර්.එස් කටයුතු කරන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 දෙනෙකුගෙන් සමත්විතයි.

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් පැවැත්වෙන යෝගා වැඩසටහනක් සඳහා එහි සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගී වීමට නියමිතයි.

නිල සංචාරය නිමා කරමින් ලබන 22 වැනිදා සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇතැයි, නාවික හමුදාව සඳහන් කරනවා.

Exit mobile version