Site icon Newshub

රුපියල ඉහළ පහළ යන්නේ ඇයි – හර්ෂ ද සිල්වා පහදයි

‍ඩොලරයට සාපෙක්ෂව රුපියල නිතර ඉහළ පහළ යාම සිදුවන අතර මෙලෙස වන්නේ ඇයිද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින් අදහස් ප්‍රකාශ කර තිබුණි. මන්ත්‍රීවරයාගේ පැහැදිලිකිරීම මෙසේය,

“ඩොලරය ඉහළ යන්න හේතු දෙකක් තියෙනවා. එකක් ඩොලරයට ති‌‌බෙන ඉල්ලුම බොහෝ විදිහට අඩුවෙලා තියෙනවා. ආනයන සීමා දාලා තියෙනවා සමහර ආනයන සම්පුර්ණයෙන්ම නවත්වලා තිබෙනවා . මෙවැනි දැඩි කොන්දේසී නිසා ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩුවෙලා තිබෙනවා.  ඩොලර් සැපයුම ගැන කතාකරද්දි අපනයනකරුවෝ ඩොලර් අරගෙන එනවිට ඔවුන් ගෙනෙන ඩොලර් ඊලඟ මාසයේ 07 දා වන විට රුපියල් වලට හුවමාරු කරන්න අවශ්‍යයි. මේ නිසා යම් කිසි ප්‍රමාණයක් වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුවට එනවා. 05% ට තිබුණු භාණ්ඩාගාර බිල්පතේ පොලී අනුපාතය 32% දක්වා ඉහළ ගියාම ලංකාවේ ඩොලර් තිබෙන අය  , ඩොලර් උපයමින් විදෙස් රටවල වැඩකරන ලාංකිකයෝ වගේම විදෙස් ආයෝජකයෝ වැඩි පොලියක් ලැබෙන නිසා ලංකාවේ ආයෝජනය කරනවා. මේ නිසා ඩොලර් තිබෙන අය විශාල වශයෙන් ලංකාවට ඩොලර් අරගෙන ආවා. මේ නිසා ඩොලර් සැපයුම වැඩි වුනා රැපියලේ අගය කඩාවැටීමත් සමග මැදපෙරදිගින් පවා ඩොලර් ලැබුණා. විදේශ ප්‍රේශණ යැඩි වුණා.  එහෙම උනා කියලා ඩොලරය රුපියල් 250 ට විතර අඩුවෙන්නේ නැහැ. මම විශ්වාස කරන විදිහට මෙය නැවත 330 ට වගේ වැඩිවෙයි. මොකද ක්‍රම ක්‍රමයෙන් ආනයන සීමා ලිහිවෙනවා. එවිට ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. මේ නිසා නැවත රුපියල කඩාගෙන වැටෙයි. 30% තිබුණු භාණ්ඩාගාර බිල්පත් පොලිය 23% අඩුවෙලා තිබෙනවා. මේ නිසා ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය අඩුවෙනවා. මේ තත්වය නිසා නැවත ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ප්‍රමාණයකින් කඩා වැටේවි.” යැයි පැවසීය.

 

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සියත රෑපවාහිනියේ සහභාගී වැඩසටහන පහතින්,

Exit mobile version