Site icon Newshub

අද සිට PASSPORT අන්තර්ජාලය ඔස්සේ

අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කෙරෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක අවස්ථාව අද පස්වරු 3.00ට හෝමාගම ප්‍රාදේශීය කාර්යාලයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ජනතාවට මින් පසු විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිමේ අවශ්‍යතාවක් මතු නොවන අතර මෙම නව වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසුව වුවත් යම් අයෙකුට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ වුවද අයදුම්පත් බාර දීමට හැකියාවක් පවතිනවා.

එමෙන්ම වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා මෙම මාර්ගගත ක්‍රමවේදය අදාළ නොවන අතර විදෙස් ගමන් බලපත්‍ර අස්ථානගත වූ අයට ද මෙම ක්‍රමවේදය අදාළ නොවන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

Exit mobile version