Site icon Newshub

කන්නාඩියක් ඉස්සරහට ගියාම මට ජනාධිපති කෙනෙක් පේනවා – SF

මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිටට ගියවිට රටට නායකත්වය දිය හැකි නායකයකු තමන්ට පෙනෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

පූගොඩ මණ්ඩාවල රණවිරු ගම්මානයේ 13 වැනිදා පැවැති රණවිරු සැමරුමකට එක් වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

“අද වන විට රටේ පාලකයන්ට මෙන්ම බොහෝ ජනතාවටත් රණවිරුවන් අමතක වෙමින් පවතිනවා. යුද්ධයක් තිබුණද කියලත් දැන් සමහරු දන්නේ නෑ . සමස්තයක් ලෙස ⁣වර්තමාන රජය ඇතුළු කිසිදු රජයක් රණවිරුවන් පිළිබදව බැලුවේ නෑ.

උතුරු නැගෙනහිර සමහර ඉඩම් තියෙනවා යුද හමුදා අවශ්‍යතාවය මත කදවුරු ස්ථාන ගත කරන ලද. ලබා ගත් සමහර ඉඩම් නැවත ලබා දීමටත් හැකියාව තිබෙනවා. නමුත් දේශපාලන උවමනාවන් මත එම ඉඩම් නැවත ලබා දීම පිලි ගන්න බෑ. උතුරු නැගෙනහිර ඡන්දවලට කෑදර කමේ හමුදාවන් අඩපණ කිරීමේ සහ අස්ථාන ගත කිරීමේ ප්‍රවණතාවයක් දැන් පෙනෙනවා. එවා නිවට බියගුලු වැඩ. ඒවාට අපි විරුද්ධයි.

වර්තමාන පාලන තන්ත්‍රයම නිවටයි. පිළිකුල් සහගතයි. දුර්වලයි. මේ රටට අවශ්‍ය කැපවීමෙන් වැඩකළ හැකි බුද්ධිමත් නායකයකු අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි බොහෝ දෙනා අසන මුත් එය අහන්න පහසු උවත් පිළිතුරු දීම අපහසු කාරණයක්.

රටේ ජනතාව නිවරැදි නායකත්වයක් තෝරා ගැනීම සදහා කැපකිරීම් කළහොත් ඒ වෙනුවෙන් යෝජනා ආවොත් සලකා බැලීමට හැකියාව තිබෙනවා. කොහොම වුණත් මගේ නිවසේ මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිට ට ගියාම අනාගතයේදී රටට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක්ම මට පෙනෙනවා’ යැයිද පැවසීය.

Exit mobile version