Site icon Newshub

නව කම්කරු පනත මගින් part time සහ work from home නීතිගත කරන්නට යයි

රටට නව කම්කරු නීතියක් හදුන්වාදී අර්ධකාල සේවා (පාට් ටයිම් ජොබ්) සහ නිවසේ සිට වැඩකිරීම නීතිගත කරන බව කම්කරු හා විදේශ රකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

මේවනවිට වැඩි පිරිසක් අර්ධකාලීීන (part time) රැකියාවල නිරතවන අතර ඒසම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද නිවසේ සිටින කාන්තාවන්ටද වැඩකිරීමේ හැකියාව ලබාදෙමින් work from home සඳහාද නීති හදුන්වාදෙන බවද මෙහිදී අමත්‍යවරයා ප්‍රකාශ කළේය.

කම්කරු නීති සංශෝධනයට ඉදිරිපත්ව තිබෙන යෝජනා ජනගත කිරීමේ අවස්ථාවට අද(14) එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය

එමෙන්ම කාන්තාවන් සේවයේ යෙදවීමේ නීති වෙනස් කරන බවද , පීතෘ නිවාඩු හදුන්වාදෙන බවද අමාත්‍යවරයා කිවේය.  තවද අතිකාල වැඩ සඳහා ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් නව ක්‍රමයන් හදුන්වාදෙන බවද ආධුනික සේවකයින් වෙනුවෙන්   නිශ්චිත අර්ථකනයක් ලබාදීමට කටයුතු කරන අමාත්‍යවරයා පැවසුවේය.

කම්කරු නීති සංශෝධනයට මහජන අදහස් ලබාගැනීම අවසන් කරමින් ලැබී ඇති යෝජනා මෙසේ දැනුම් දුන් අතර ඉදිරි මාස 02 ක ඇතුළත නව කම්කරු පනත සම්මත කරගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version