Site icon Newshub

කුල දරුවන් සසුන්ගත කිරීමට වයස් සීමාවක්?

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමගද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් මෙම සියලු කාරණා විනය පිටකය අනුව සිදු කරන බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තවද, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 15 වනදා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමටත් දරුවන් සසුන්ගත කිරීමේ වයස් සීමාව තීරණය කිරීම මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version