Site icon Newshub

ඔබතුමා මට ඉතිහාසය උගන්වනවා ද? මම ඔබතුමාට උගන්වන්න ද? – ජනපති

මුලතිව් ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැඩි ලෙස විවේචනයක් එල්ල කරනු ලැබුවා.

අක්කර 275ක භූමි ප්‍රදේශයක් විහාරස්ථානයක් වෙනුවෙන් වෙන්කිරීම සම්බන්ධයෙන් මෙම විවේචනය එල්ල කළ අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ එතරම් භුමි ප්‍රමාණයක් ගතහොත් එය මහා විහාරයටත් වැඩ විශාල වන බවත් මහා විහාරය, ජේතවනාරාමය සහ අභයගිරිය එක් කළත් අක්කර 100කට වැඩ නොමැති බවත් මෙම විහාරය එයටත් වඩා විශාල වන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කරනු ලැබුවා.

එමෙන්ම එම විහාරය දමිළ බෞද්ධයන් සිටි බවට සාක්ෂි සපයන බැවින් එය වැදගත් පුරා විද්‍යාත්මක ස්ථානයක් බවත් එම විහාරයය අක්කර 275ක ප්‍රමාණයක නොතිබුන බැවින් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ඔවුන්ට වගාකටයුතු සඳහා ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබුවා.

“කැබිනට් ප්‍රතිපත්තියක් තිබෙනවා. ඔබ එය අනුගමනය කරන්න. ගැටලුවක්ද නැත්ද කියලා අපි තීරණය කරන්නනම්. ඊට පස්සේ ඔබ කියයි ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බෑ. ගැටලුවක් ඇති වේවි කියලා.” යනුවෙන් ජනපති මෙහිදී නිලධාරීන් අමතා කියා සිටියා.

මෙහිදී අදාළ ප්‍රදේශය ගැන සවිස්තරාත්මක විස්තරයක් කළ ජනාධිපතිවරයා ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ, ‘ඔබතුමා මට ඉතිහාසය උගන්වනවද? නැත්නම් මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්නද?’ යනුවෙනි.

Exit mobile version