Site icon Newshub

සජිත් ජනාධිපති අපේක්ෂකයා කරන්න අපි තීරණයක් අරගෙන නැහැ

ඉදිරි ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරීමට සමගි ජන සන්ධානය කිසිදු තීරණයක් ගෙන නොමැති බව දෙමළ  ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කර තිබේ.

“අරුණ” පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කර ඇති අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පවසා තිබේ.

සමගි ජන සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය විදිහට කටයුතු කරන්නේ සමගි ජන බලවේගය. ඒ අයට තමන්ගේ පක්ෂය තුළ ස්වාධීනව තින්දු තිරණ ගන්න බාධාවක් නැහැ. ඒ අනුව තමයි මීළඟ ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම්කර තිබෙන්නේ. නමුත් මේ නම් කිරීම අපේ සමගි ජන සන්ධානය මේ දක්වා පිළිගෙන හෝ ඊට අනුමැතිය ලබා දී නැහැ . සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරනවද කියලා සමගි ජන සන්ධානයට අයත් සියලු දේශපාලන පක්ෂවල නායකයන් එකතුව තීරණය කරන්න ඔනේ . මේ දක්වා අපි එවැනි තීන්දුවක් අරගෙන නැහැ. එවැනි තීන්දුවක් ගැන සාකච්ඡා කරන්න අපිට ආරාධනා කරලත් නැහැ” යැයි පවසා ඇත.

Exit mobile version