Site icon Newshub

සයිනොපෙක් ලංකාවේ වැඩ අල්ලයි

ලොව විශාලතම ඛනිජ තෙල් සමාගම් 05 අතරට ගෙන එන චීනයේ සයිනොපෙක් සමාගම සමග ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීමේ ගිවිසුමකට අද (22) අත්සන් තබා තිබෙනවා.

මේ බව ජනාධිපති අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සයිනෝපෙක් ෆුවල් ඔයිල්, ලංකා පුද්ගලික සමාගම, චීනයේ එහි මව් සමාගම සහ සිංගප්පූරුව සමග ඛනිජ තෙල් නිෂ්පාදන මෙරටට ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා දීර්ඝ කාලීන ගිවිසුමකට එමගින් එළඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඊට අදාළ ගිවිසුම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කළ බවත් ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා තවත් සමාගම් දෙකක් සමඟ තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

කැබිනට් අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවක් චීන සයිනොපෙක් සමාගම සමග පැවැත් වු සාකච්ඡාවලින් අනතුරුව ලබාදුන් නිර්දේශවලට අනුව එම ගිවිසුමට එළඹ තිබෙනවා.

Exit mobile version