Site icon Newshub

උමා ඔය මෙගා වොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට දෙයි

උමා ඔය ව්‍යාපෘතිය ඔස්සේ තව මාස කිහිපයකින් මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව එම ව්‍යාපෘති සමාගම සදහන් කර ඇත.

එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අලි වකීලි සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර පවතී හමුවකදී ඒ බව පවසා තිබේ.

උමා ඔය ජල විදුලිබල ව්‍යාපෘතියේ පළමු අදියරේ විදුලිබල නිෂ්පාදනය එළඹෙන අගෝස්තු මාසයේදී ද දෙවැනි අදියරේ විදුලිබල නිෂ්පාදනය සැප්තැම්බර් මාසයේදී ද අරඹන බව ඔහු එහිදී පවසා ඇත.

එම ව්‍යාපෘතිය සම්පූර්ණ කළ පසු මෙගා වොට් 120ක් ජාතික පද්ධතියට එක් කෙරේ.

 

Exit mobile version