Site icon Newshub

යූරියා තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000 ක තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම පොහොර තොගය ලංකා පොහොර සමාගම මඟින් 60% ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් ආනයනය කිරීමට නියමිතය.

රජයේ පොහොර සමාගම් දෙක හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගැනීමේදී යූරියා පොහොර මෙට්‍රික්ටොන් 25000 ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ආනයනය කළ යුතු බවට හඳුනාගෙන ඇත නිසා මෙලෙස යූරියා ආනයනය කිරීමට තීරණය කර ඇත.

Exit mobile version