Site icon Newshub

කොළඹට ත්‍රිවිධ හමුදාව දැම්මේ පෙර පුහුණුවකට – යුද හමුදා මුලස්ථානය

කොළඹ නගරය ආශ්‍රිතව ත්‍රවිධ හමුදාව යොදවා සිටින්නේ හදිසි අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පෙර පුහුණුවක් ලබා දිම සදහා බව යුද හමුදා මුලස්ථානය සදහන් කරනවා.

මේ අනුව ත්‍රිවිධ හමුදා සමාජිකයින් පෙරහුරුවට පමණක් සම්බන්ධ වි සිටින බවත් එසේ නොමැතිව කිසිදු රාජකාරිමය කටයුත්තක් සිදුනොකරණ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කර තිබෙනවා.

හදිසි අවස්ථාවක පොලිසියට රාජකාරිමය වශයෙන් සහය ලබාදීම සඳහා හමුදා සාමාජිකයින් මේ ආකාරයට පෙරහුරුවල යෙදි පුහුණුවන බවත් අදාල පුහුණුවිම අවසන් දිනයක් ප්‍රකාශකල නොහැකි බවද පවසා සිටියේය

මැයි මස 12 වන දින සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ද යොදව තිබෙනවා.

Exit mobile version