Site icon Newshub

දුප්පතුන් සඳහා සහන දෙන හැටි මුදල් රාජ්‍ය ඇමති පවසයි

මෙරට පවුල් මිලියන 2.28 ට පමණ සුබසාධන ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර එම ප්‍රතිලාබ ලබන ජුලි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(12දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සුබසාධන මණ්ඩල වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. මෙම සහනාධාර සඳහා  ඉල්ලුම්පත් ලක්ෂ 37 ක් අතරින් සුදුසුකම්ලාභීන් නිසි ක්‍රමවේදයක් යටතේ දර්ශක 22 ට අනුව තොරාගත්බව සේමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය,

“රටේ පවුල් මිලියන 2.28 ට වගේ ප්‍රතිලාබ දීමනා ලබාදීමට අවශ්‍ය වෙයි කියලා අපි හිතනවා. ඒ යටතේ   පවුල් කණ්ඩායම් කිහිපයකට කොටස් කර ප්‍රතිලාභ ලබාදීම සිදුකරනවා. ඒ යටතේ අවධානමට ලක්වු කණ්ඩායමක් හදුනාගෙන තිබෙනවා එය ලක්ෂ 04 ක් පමණ වෙයි කියලා අපි හිතනවා. 2024 මාර්තු දක්වා රුපියල් 5000 ක් මාසිකව ලබාදිමට බලාපොරොත්තු වෙනවා.  දුප්පත් කාණ්ඩයට ලක්ෂ 08 ක් පමණ අයත් වෙනවා. ඔවුන්ට රුපියල් 8,500 බැගින් වර්ෂ 03 ක් ලබාදෙනවා. අන්ත දිළිදු ලෙස ලක්ෂ 04 ක් පමණ පිරිසක් හදුනාගෙන තිබෙනවා. ඔවුන්ට මුලික වශයෙන් වසර 03 ක් දක්වා රුපියල් 15,000 බැගින් ලබාදිමට කටයුතු කරනවා. ඒවගේම වෙනස් හැකියාවන් සහිත පුද්ගලයින් සඳහා රුපියල් 5000 බැගින් ,   වකුගඩු ආධාර ලෙස එක් පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් සහ   වැඩිහිටිදීමනා ලෙස  රුපියල් 2000 බැගින් මාසිකව   තනි පුද්ගල දීමනා ලබාදීමට සැලසුම්කර තිබෙනවා.

මෙලෙස ප්‍රතිලාභ සඳහා තෝරාගන්නා ප්‍රතිලාභීන් පිළිබඳ  නාමලේඛණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ජුනි මාසයේ සිට ප්‍රදර්ශනය කරනවා. මෙතැනදී නාමලේඛණවල නොමැති සුදුසුකම් ලත් අය ඉන්නවානම් අභියාචනාකරන්න පුළුවන් වගේම වැරදි පුද්ගලයින් ඉන්නවානම් ඔවුන් පිළිබඳ වාර්තාකරන්නත් පුළුවන්කම තියෙනවා. ඒඅනුව සුදුසු නුසුදුසු අය තොරාගන්නනවා. ජුලි මාසයේ සිය ප්‍රතිලාභ ලබාදිම සිදුකරනවා. ඒවගේම සමෘද්ධි බැංකු මහබැංකුව යටතේ නියාමනය වන ක්‍රමවේදයක් සකස්කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version