Site icon Newshub

පොහොට්ටුව උවමනාවෙන්ම ජනතාව දුප්පත් ක‌ළා – කබීර් හෂීම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ උවමනාවෙන්ම ජනතාව දුප්පත් කර තිබෙන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිලිබඳ විවාදයට සහභාගීවෙමින් අද පාර්ලිමේන්තුවේදී අඒ මහතා මේ බව කියා සිටියා.

සමහරුන්ට දුප්පත්කමින් මිදෙන්න ඉඩ දුන්නේ නැතැයි ද විශාල ආදායම් පරතරයක් ඇතිකර තිබුණ බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

2019 දී දරිද්‍රතා රේඛාවෙි 11% සිටි අතර මේ වන විට දරිද්‍රතා රේඛාවේ පිරිස 25 %ක් දක්වා වර්ධනය වී තිබෙන බවද සහනාධාර ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලෝකයේ අඩුම සහනාධාර ලබා දෙන්නේ ලංකාව යැයිද කබීර් හෂීම් මහතා කීය.

ලංකාවෙි ලක්ෂ 55ක් පමණ දුප්පත් කොටසට වැටී තිබෙන බවද ගණනය නොකරන ලද දුප්පත් පිරිසක් අද රටේ සිටින බවද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

Exit mobile version