Site icon Newshub

IMF නියෝජිතයෝ පිරිසක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට බව වාර්තා වනවා..

අද පැමිණෙන මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා.

මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත.

මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වනු ඇතැයි මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

Exit mobile version