Site icon Newshub

මහින්දටයි, බැසිල්ටයි එරෙහි නඩුවට දින නියම වෙයි

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.

එම පෙත්සම අද (08) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීමට නියම කර තිබෙනවා.

Exit mobile version