Site icon Newshub

ආදායමට වඩා තුන්ගුණයක් පඩි – අතිකාල ගෙවන දුම්රිය

දුම්රිය දෙපාර්තමේන්තුව 2021 වසරේ දී රු. කෝටි 290ක ආදායමක් උපයන විට එහි සේවක වැටුප් සහ අතිකාල ලෙස රු. කෝටි 700ක් ගෙවා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ආදායම මෙන් තුන් ගුණයක් එහි සේවක වැටුප් සහ අතිකාල සඳහා වැට කොට තිබෙනවා.

2021 වසරේ දුම්රිය රියදුරන් ඇතුළු සේවකයින්ගේ අතිකාල දීමනාව රු. කෝටි 230ක් වන අතර එය දුම්රියේ සමස්ත ආදායමට වඩා රු. කෝටි 60කට අඩු මුදලකි. දුම්රිය දෙපාර්තමේන්තු සේවක වැටුප් සඳහා රු. කෝටි 470ක පිරිවැයක් දරා ඇත.

Exit mobile version