Site icon Newshub

“අපිව සිල්ලරට ගනන් ගන්න එපා. වහාම සමාව ගන්න” – වඩිවේල් සජිත්ට කියයි

තම ජනතාවගෙන් සමාව ලබා නොගතහොත් සජිත් ප්‍රේමදාස සමඟ ගමනක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.

ලංකා ජාතික වතුකම්රු සංගමයේ මැයි දින පෙළපාලිය සහ රැළිය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ වඩිවේල් සුරේෂ් මහතා “සජිත් ප්‍රේමදාස ගැන මම කියන්නම්. වතුකරයේ ජනතාවගේ මඩොල්සිම රැස්වීමට ආවේ නැහැ. අපිව සිල්ලරට ගනන් ගන්න එපා. ඔබතුමත් සමග ඉන්න ඕන නම් වහාම මඩොල්සිමට එන්න ඇවිත් මගේ ජනතාව ‍ඉස්සරහ සමාව ඉල්ලන්න. නැතිනම් වඩිවේල් සුරේෂ් නැහැ”

ලංකා ජාතික වතුකම්රු සංගමයේ මැයි දින පෙළපාලිය සහ රැළිය බදුල්ලේදී පැවැති අතර එම රැළිය අමතමින් වඩිවේල් සුරේෂ් මහතා “මගේ ජනතාවගෙන් සමාව ඉල්ලුවේ නැතිනම් මම සමගි ජන බලවේගයත් එක්ක නැහැ මම ඔබතුමත් එක්ක ගමනක් නැහැ” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Exit mobile version