Site icon Newshub

රටේ ණය තොගයම චීනයට විකුණන්න- රට ගොඩගන්න විමල්ගෙන් යෝජනාවක්

 

රට බංකොලොත් නොකර ලංකාවේ ණය තොගයම චීනයට විකිණිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. එලෙස කිරීමෙන් චීනය දීර්ඝ කාලීනව වැඩි මුදලක් ගෙවීමට සිදුඋවද රට බංකොලොත් නොවී පවතින බැවින් ඒය හොද ආර්ථික මොඩලයක් බවද රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් විමල් විරවංශ මහතා පැවසීය.

“සමහර රටවල් තියෙනවා ණය තොගයම චීනයට විකුණනවා. එතකොට චීනය ඒ ණය දීපු අයට ණය සහ පොලිය ගෙවනවා. එතකොට රට බංකොලොත්වෙන්නෙ නැහැ.  ඒවගේම අපි චීනයට පොලිය ගෙවන්න ඔනෙ. උදාහරණයකට අපිට ගෙවන්න තිබුණ සම්පුර්ණ පොලිය බිලියන 06 යි කියලා හිතුවොත් චීනය අපිට සහනයක් දෙනවා 06 ක් වෙනුවට 03 ක් ගෙවන්න කියලා. ණය ගෙවන්න තිබුණෙ අවුරුදු 10 ක් නම් ඒක 20 දක්වා වැඩි කරනවා. ඒක පහසුවක් වෙනවා.

එතකොට අපි ණය ගත්තු පාර්ශවයට අපි බංකොළොත් වෙන්නෙත් නැහැ. චීනය අපේ ණය ටික ගෙවනවා. අපි චීනයට අවුරුදු 20 ක් විතර කල් අරගෙන ණය ගෙවනවා. මෙහෙස මොඩලයක් හොද නැද්ද?.

චීනය කියන්නේ අපේ රටේ විශාල ආයෝජනයක් කරලා තියෙන රටක්.  පෝට්සිටිය කියන්නේ විශාලම ආයෝජනය. මහවැලියටත් වඩා විශාල ආයෝජනයක් ඒක. අපි බංකොලොත් වීම චීනයටත් ප්‍රශ්නයක්. අපේ ණය තොගය  ලේසියෙන්ම චීනගෙ කරේ ගහන්න අපිට ලේසියෙන්ම තිබ්බා. එතකොට අපි බංකොළොත් කියන තත්වයට වැටෙන්නේ නැහැ.  අවසානයේ එකතුකරලා බැලුවොත් ගෙවන පොලියට වඩා වැඩි පොලියක් අපිට චීනයට ගෙවන්න වෙනවා  හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ. ඒක හොද උත්තරයක් නෙවෙයිද? අපි ණය මානසිකත්වයෙන් එළියට ඒන්න ඔනේ. යැයි පැවසීය.

විමල් වීරවිංශ මහතා පැවැසු අදහස් පහළින්..

Exit mobile version