Site icon Newshub

විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයෝ දිව්රුම් දෙති

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ අප්‍රේල් 09 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා එම තනතුරේ දිව්රුම් දුන්නේය.

එයට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස  විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීහු දිවුරුම් දුන්හ.

Exit mobile version