Site icon Newshub

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රු 340කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට සහන ලබාදීම සඳහා අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට තමන්ට දැන්වූ බව මිල සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා

Exit mobile version