Site icon Newshub

පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල් අද සිට

පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල්  බෙදා දීමේ වැඩ සටහන අද (27) සිට ඇරඹේ. මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාවගෙන්  මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දෙන  බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසා ඇත. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහල් ලබා දීමට නියමිතය.

ඒ අනුව මාසයකට  එක් පවුළකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කර ඇත.  පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුනත් පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට  ද කටයුතු කර තිබේ. නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබා දීමට තීරණය කර ඇත.

මෙවර මහ කන්නයේ දී  රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබිනි.  ඒ සදහා පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරනු ලැබීය. වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කෙරිණි.

 

Exit mobile version