Site icon Newshub

රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් කරන්න අපි තීරණය කළා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය ශ්‍රී ලංකාව ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කළ බව ජනාධිපතිවරයා පවසනවා.

ඔහු මේ අදහස් පළකලේ දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක් වෙමින්. එම සැමරුම ඊයේ (22) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වුණා.

මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදු වූ විනාශයට ගිය බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවත්, ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාර වලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියා.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ දැක්ම වුයේ ද නිදහස් ආර්ථිකයක් ඇති කිරීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සිදුකළ යුත්තේ පෞද්ගලික අංශයෙන් බවත්, එයින් ලබා ගන්නා බදු ආදායමින් රට සංවර්ධනය කළයුතු බව එතුමාගේ දර්ශනය වූ බවත් වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියා.

හිටපු කථානායක කරු ජයසූරිය,හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් මෙතැනින්

Exit mobile version