Site icon Newshub

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද (23) අලුයම දිවයිනට ළඟා වී තිබෙයි. මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට පසුගියදා රජය ගත් තීරණයට අනුව මෙම බිත්තර තොගය ආනයනය කරනු ලැබීය

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බවය.  දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.

 

Exit mobile version