Site icon Newshub

තෙල් බවුසර් වලට GPS

ඛණිජ තෙල් සංස්ථාවේ තෙල් බවුසර් සඳහා  GPS උපකරණ සවිකිරීමට කටයුතු කරන බව විදුලිබල හා ඛණිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තෙල් බවුසරයක් ඉන්ධන ලීටරයකින් යා හැකි උපරිම දුර ලෙස සඳහන් කර තිබු ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩිපුර දුරක් යා හැකි බව GPS උපකරණ සවිකර ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීම් වලදී අනාවරණය වු බවද අමාත්‍යවරයා කීවේය.

මෙම තීරණය ගත් පසුව එයට විරුද්ධව ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයෝ වැඩවර්ජනය කිරීමට සුදානම් වන බවද පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුයේ සේවකයන්ගේ උද්ගෝෂණ වැඩවර්ජනවලට බියවී ඛණිජතෙල් සංස්ථාවේ වංචා දුෂණවලට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ඛණිජතෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුගතකිරීම් සැලසුම්කළ පරිදිම සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version