Site icon Newshub

‘මම වැටුනත් රට වට්ටන්නෙ නෑ’ – IMF කාර්ය මණ්ඩල වාර්තාව සභාගත කරමින් ජනපති කියයි

මම වැටුනත් රට වට්ටන්නෙ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩලය වාර්තාව අද (22දා) පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට කටයුතු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මීට අමතරව ලංකාවට ණය දී ඇති සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් ජනපතිවරයා විවෘතව යොමුකළ ලිපියද ඔහු සභාගත කිරීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය විශේෂ ප්‍රකාශයේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ වනවිට රටේ ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමට හැකියාව ලැබී ඇති බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වසර 4ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ආධාරයක් හිමිවන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක පළමු වාරිකය මේ වනවිට හිමිවී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

මේ අතර, ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබාදෙන පාර්ශවයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ ණය ආධාර බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම යනු ගිනි පොලියට ගන්නා තවත් ණයක් බව අර්ථ දක්වන පිරිසක් ඉන්නවා.

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඔවුන් මෙලෙස සඳහන් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව මෙතැනින්

Exit mobile version