Site icon Newshub

ලබන මාසයේ ඉන්ධන මිල අඩුකිරීමට යයි

අප්‍රේල් මාසය වන විට ඉන්ධන සඳහා දැනෙන සහනයක් ලබාදිමට රජය කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉන්ධන මිල අඩුකිරීම හරහා විදුලි බිල අඩුකරගැනීමටද හැකියාව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම තෙල් ගවේෂණය ආරම්භකිරීම මගින් එහි වාසියද රටට ගැනීමට හැකියාව ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුයේ ඇතැම් වෘත්තිය සමිතිවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් රටේ ආර්ථික ක්‍රියාවලියට බාධා එල්ලවන බවයි.

කෙසේ උවද විදුලිබල මණ්ඩලය හා ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකිරීමේ තීරණය කිසිසේත් ආපසු හරවන්නේ නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version